පරිගණක මතකය පිලිබද කතා කිරීමේදී මතකය යනු පරිගනක පද්දතියක හෝ ක්‍රම වේදයක් මූලිකම පද්දතියක් තුල දත්ත හා තොරතුරු වසයෙන් ගබඩාකිරීම මතකය ලෙස හදුන්වනු ලබනව .මෙම ගබඩා කරන දත්ත ප්‍රධාන වසයෙන් විද්යුතය පදනම් කොටගෙන කොටස් දෙකකට බෙදනු ලැබේ .
- නෂ්‍ය මතකය
- නශ්‍ය නොවන මතකය .
නශ්‍ය මතකය
මෙය විද්යුතය මත රදා පවතින මතක වර්ගයයි .මෙහි විශේශත්වය වන්නේ ගබඩාවන දත්තයන් විද්යුතය ඇති විට රඳා පවතින අතර විදුලිය විසන්දි වූ විට දත්ත මැකී යයි.එම හේතුව නිසා මෙවැනි මතක තාවකාලික මතක ලෙසද හදුන්වනු ලබයි .නශ්‍ය නොවන මතක හා සන්සන්දනය කර බැලීමේදී මෙවැනි මතක වල දාරිතාව ඉතා කුඩා අගයක් මත රඳාපැවතේ. නමුත් මෙම මතක සඳහා ප්‍රවේශ වන කාලය ඉතා අඩු අතර දත්ත ලියන කියවන වේගය සාපේක්ෂව වැඩි අගයක් ගනී.
එම නිසා මෙවැනි මතක පරිගනක ප්‍රොසෙසරය මත කෙලින්ම ප්‍රවේශ කරන ප්‍රාතමික මතක ගනයට අයත් වේ .උදාහරණ ලෙස ram,cache memory,register දැකිය හැකිය .
නශ්‍ය නොවන මතක
මෙවැනි මතකයන් තුල රඳා පවතින දත්ත විද්යුතය මත රදා නොපවතියි .එනම් විදුලිය විසන්දි වුවද මතකය මැකීයාමක් සිදු නොවේ .මෙවැනි මතක ස්තීර මතක ලෙස හදුන්වනු ලබයි .මේ නිසා මෙවැනි මතක වල දාරිතාව සාපේක්ෂව විශාල අගයක් ගනු ලබයි .
මෙහි දත්ත සඳහා ප්‍රවේශ වන කාලයද සාපේක්ෂව වැඩි අතර දත්ත ගබඩා කරන වේගය සාපේක්ෂව නශ්‍ය මතක වලට වඩා අඩු අගයක් ගනු ලබයි .මෙවැනි මතක ප්‍රොසෙසරය තුලට රිජු ප්‍රවේශයක් සිදු නොවන අතර ප්‍රතමව ප්‍රධාන මතකයට ප්‍රවේශ වී දෙවනුව මද්‍ය සකසනය වෙත ප්‍රවේශ වෙනු ලබයි .එම හේතුවෙන් මෙවැනි මතක ද්වීතියික මතක ගනයට අයත් මතක සේ සලකනු ලබයි .අප පරිගනක අබ්‍යන්තරයේ ඇති එකම ද්වීතියික මතකය ලෙස පරිගනක ඩෘඩ තැටිය හදුන්වා දිය හැකි අතර අප බාවිතා කරන cd/dvd/blu-ray/pen drive/portable hard disk හැදින්විය හැකි වේ .
මීට අමතරව සියලුම මතකයන් පරිගනක මද්‍ය සැකසුම මත ප්‍රවේශය සිදු කරන ආකාරය අනුව කොටස් 2 කට බෙදා දක්වනු ලබන අතරම වර්තමානයේදී එය කොටස් 4කට බෙදා දක්වනු ඇත එනම් ,
- ප්‍රාථමික මතකය
- ද්වීතියික මතකය
- තෘතීය මතකය
ප්‍රාථමික මතකය යනු ප්‍රධාන වශයෙන් පරිගනක මද්‍ය සැකසුම වෙත කෙලින්ම ප්‍රවේශ කරගන්නා මතකයි .(ram/rom/cache memory/register).
ද්වීතියික මතකය යනු ඉහත සඳහන් කල පරිදි මද්‍ය සැකසුම මත කෙලින්ම ප්‍රවේශය නොගන්නා මතකයි (magnatic hard disk).
තෘතීය මතක හා චාතුර්තික මතක අයත් වන්නේද ද්වීතියික මතක ගනයටයි .නමුත් ඒවායේ විවිද වූ තාක්ෂණික මත ත්‍රිතීයික ගනයට අයත් යැයි අපි සලකනු ලබන්නේ (portable device,pen drive,cd,dvd,blu-ray,ssd) වැනි අතේ රැගෙන යා හැකි මතකයි .
ඉන් පසුව මතකය බෙදන තවත් ආකාරයක් වන්නේ දත්ත ගබඩා කරන තාක්ෂණය අනුවයි .ඒ අනුව එය ප්‍රදාන කොටස් 3 කට බෙදා වෙන් කරනු ලැබේ .
- චුම්බක තාක්ෂණය අනුව
- ආලෝක තාක්ෂණය පදනම් කොටගෙන
- සැනෙලි මතක තාක්ෂණය අනුව
මෙහිදී චුම්බක තාක්ෂණය අනුව දත්ත ගබඩා කරන මාද්‍යන් ලෙස පරිගනක අබ්‍යන්තර ඩෘඩ තැටිය /ෆ්ලොපි ඩිස්කට් වැනි මතක පෙන්වා දිය හැකිය .තවත් මතකයක් ලෙස චුම්බකිත පටි හැඳින්විය හැකිය .
ආලෝක තාක්ෂණය බාවිත කොටගෙන දත්ත පරිහරනය කරන මතක ලෙස අප එදිනෙදා බාවිතා කරන cd/dvd/blu-ray වැනි මතක ලෙස හදුන්වා දිය හැකිය
සැනෙලි මතක තාක්ෂණය යනු වර්තමානයේ අප බාවිතා කරන pen drive,ssd-solid stade drive) වැනි මතක නිපද වන තාක්ෂණය වේ .මෙහි ඇති අවාසියයක් ලෙස කියවන වේගය වැඩි අතර දත්ත ලියන වේගය ඉතාමත් දුර්වල වේ .
මේ ඉහත දක්වා ඇති කොටස් අනුව පරිගනක මතකය කොටස් 03 බෙදා වෙන් කල හැකිය
thats good
ReplyDeleteCasino Del Sol - San Pablo, CA - MapyRO
ReplyDeleteWelcome to 대구광역 출장샵 Casino Del 오산 출장안마 Sol, 경주 출장안마 San Pablo, California. Play your favorite casino table games, including 여수 출장샵 Blackjack, Roulette and 김제 출장안마 Video Poker.